03/07/2022
ශ්‍රද්ධාවන්ත පිංවත්නි,
මෙම 2022 වර්ෂයේ ජූලි මස 16 වැනි සෙනසුරාදා දින බොරැල්ල, ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථානයේ වැඩවාසය කරන පූජ්‍ය උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උදෑසන 9.00 ට මහානුභාව සම්පන්න "වියලි ආහාර පිණ්ඩපාත චාරිකාවක්" සූදානම් කොට ඇත.
රටපුරා උග්‍ර ආහාර හිඟයක් පවතින මේ අවස්ථාවේ පැවැත්වෙන මෙම පිණ්ඩපාත චාරිකාවේ අරමුණ වන්නේ "කොළඹ 08, බොරැල්ල ප්‍රදේශයේ වාසය කරන තෝරාගත් අසරණ පවුල් වලට වියලි ආහාර මල්ලක් ලබාදීමට" යි.
විශේෂයෙන් ම මෙම වියලි ආහාර පිණ්ඩපාත චාරිකාවේ
වැඩම කරන පිංවත් ස්වාමීන් වහන්සේලාට ඔබ විසින් පූජා කළ යුත්තේ එදිනදා භාවිතා කරන වියලි ආහාර පමණයි. එම නිසා ඔබසතු සහල් මිටක හෝ කුඩා හෝ වියලි ආහාර ස්වල්පයක් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර වෙත පූජාකොට මහත්ඵල, මහානිසංස රැස්කරගන්න.
මීට
සංවිධායක මණ්ඩලය
🙏. ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතය වැඩම කරන මාර්ග සහ ස්ථාන
ලෙස්ලි රණගල මාවත, මැගසින් පාර, බන්ධනාගාර නිල නිවාස, සිංහ දූපත, 145 කාදර්නානා වත්ත, 330 නිවාස සංකීර්ණය, ඕවල් වීව් නිවාස සංකීර්ණය, ගුවන් හමුදා නිවාස සංකීර්ණය, රොඩිනි වීදිය, අලස් මාවත, ගොරකගහ පාර, ගැමුණු මාවත, පැලන්ගස්තුඩුව පාර, සීවලී පටුමග, ගඟ පහළ